Tuesday, July 24, 2012

Camelia Mal Suwadata - Kithsiri Jayasekara

කැමීලියා මල් සුවඳට..
සඳ කෙමි මත් පා තිය තිය //
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද..
සින්ඩරෙල්ලා

සකුණ ගීය සැඟවී යන

පළා පැහැයෙ අළු තවරා //
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා

කැමීලියා මල් . . .


සුසුදු හංස පියාපතින්

ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා


ගායනය - කිත්සිරි ජයසේකර

Monday, July 23, 2012

Sanda Kaluwara Kuragaga With - Unplugged



සැදෑ කළුවර කුරගගා විත්
ඔබේ පැල්පත ‍මගේ දසුනින්
ඇත් වු සද ‍මගේ සරා සද
තනිවෙලා මා තනිවෙලා..

වළාකුල කුදු නොමැති අහසේ
මළානික වු මගේ සිතුවිලි..
ගල් ගැසි ඇත පාළු වී ඇත
අදුර පමනක් රජවෙලා..

ඔබේ ලෝකය මගේ ලෝකය
අකර ඇත්තේ රැයක් පමනි..
ගව් ගණන්දුර ජිවිතේ බර
මගේ හිත මත බරවෙලා..


Singer : Janak Hettiarachchi

Nalin Perera - Baluwath Athi Oya Diha Nango


බැලුවත් ඇති ඔයා දිහා නංගෝ
සිත සැනසුම ළඟට ගේනවා
ඔබ ගැන මම දන්නෙත් නෑ නංගෝ
සිත කැමතියි වාගෙ දැනෙනවා
මුව අද්දර ඔය සිනහව මටදෝ
සිත ඉල්ලන රුව ද සිතෙනවා

දිළිසෙන ඔය ඇස් දෙක මට
රුවණ්පුරේ මැණික් කැට වගේ
සිනා පුරන දත් පෙල මට
සලා පුරේ මුතු ඇට වාගේ

බැලුවත් ඇති ඔයා දිහා නංගෝ
සිත සැනසුම ළඟට ගේනවා
ඔබ ගැන මම දන්නෙත් නෑ නංගෝ
සිත කැමතියි වාගෙ දැනෙනවා
මුව අද්දර ඔය සිනහව මටදෝ
සිත ඉල්ලන රුව ද සිතෙනවා


ලස්සන ඔය තොල් හැමවිට
තිසා වැවේ නෙලුම් පෙති වගේ
ඔබේ නීල වරලස මට
දුන්හිඳ දිය ඇල්ල ම වාගේ

බැලුවත් ඇති ඔයා දිහා නංගෝ
සිත සැනසුම ළඟට ගේනවා
ඔබ ගැන මම දන්නෙත් නෑ නංගෝ
සිත කැමතියි වාගෙ දැනෙනවා
මුව අද්දර ඔය සිනහව මටදෝ
සිත ඉල්ලන රුව ද සිතෙනවා



ගායනය :- නලින් පෙරේරා

listen / download mp3

Sunday, July 22, 2012

Muthu Pinna Thama Heethalai Wage - Nalin Perera - Unplugged



මුතු පින්න තාම හීතලයි වගේ..
රහ දන්න දෑස මග බලයි ඉබේ..
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ..
හද ගැස්ම ඔබට දැනෙනවද මගේ..

මල් රෙද්ද තදට තනි රකී ඉනේ..
මල් යාය හොඳට සැප විඳී බඳේ..
ඒ මලක් වෙන්නවත් පිනක් කොහේ..
ඔබ දකින එකත් සැපක්නේ අනේ..

මා දැක්කම ඉඟ නටන දර්ශනේ..
මට බලා ඉන්න ලෝබයි කෙල්ලේ..
හොර බැල්මේ බහට පිරුණු හිත මගේ..

නගා බලා ගන්න නෑ මම දන්නේ..


Video footage at:
Marians Unplugged Live in Concert,
14th July 2012,
Musaeus College Auditorium
Comming Soon guyz... Keep in touch